The Mountain of the Cannibal God (1978)

La montagna del dio cannibale (original title)

1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකය මැද භාගය දක්වා කාලය තුළ, මිනීමස් කන ගෝත්‍රිකයන් පිළිබඳ චිත්‍රපට වලට ලොකු ඉල්ලුමක් තිබුණා. මෙම චිත්‍රපට මූලිකව නිර්මාණය වුණේ ඉතාලියේ. බොහෝ දුරට මෙම වර්ගයේ චිත්‍රපටවල තිබුණේ එකම වට්ටෝරුවක්. එය සුදු ජාතික කාන්තාවක් හා සුදු ජාතිකයන් පිරිසක් කිසියම් ගවේශණයක්/ රහසක් සෙවීම සඳහා ප්‍රාථමික ගෝත්‍රිකයන් සිටින වනාන්තරබද ප්‍රදේශයකට ගමන් කිරීම, පසුව ඔවුන් මිනී මස් කන ගෝත්‍රිකයන්ට හසුවීම, ලේ වැකුණු නිරුවත් දර්ශන රැසකට පසු මේ පිරිසෙන් කිහිප දෙනෙක් හෝ එක් අයෙක් බේරී පලා යාම ආදී වශයෙන් වනවා.

1977 එවක පැවති රජය විසින් ආර්ථිකය “විවෘත” කළ පසු ලංකාව තුළ බටහිර චිත්‍රපට සඳහා දර්ශන තල සපයන ආයතනත් බිහිවුනා. එම නිසා බටහිර චිත්‍රපට විශාල ගණනක් ලංකාව තුළ රූගත කෙරුනා. කලින් කියූ මිනී මස් කන ගෝත්‍රිකයන් සම්බන්ධ චිත්‍රපටත් ලංකාවේ රූගත කෙරුනේ මේ පසුබිම තුළ යි.

The Mountain of the Cannibal God ඒ වර්ගයේ එක චිත්‍රපටියක්. මේකේ තියෙන්නේ තම නැති වෙච්ච සැමියාව සොයාගෙන මිනී කන ගෝත්‍රිකයන් ඉන්න කැලේකට ගමන් කරන කාන්තාවකගේ කතාවක්. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Ursula Andress විසින්. ඊට අමතරව ලංකාවේ අකුෂ්ලා සෙල්ලයියා, ඩඩ්ලි වානගුරු ඇතුළු ලංකාවේ ජනප්‍රිය නළු නිලියන් කිහිප දෙනෙක් සහ තවත් කාන්තාවන් රැසක් අතුරු චරිත රඟපානවා.

පැපුවා නිව්ගිනියාවේ අතුරුදහන් වන තම සැමියා සොයා යන සූසන් නම් කාන්තාවක් සහ ඇගේ සොහොයුරා පිළිබඳව තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. ඇයට එහි දී මානවවිද්‍යාඥයෙක් ද හමුවනවා. ඔහු වනාන්තරයේ කන්දක් ආශ්‍රිතව ජීවත් වන මිනී මස් කන ගෝත්‍රිකයන් පිරිසක් ගැන පර්යේෂණ පවත්වන්නෙක්. කෙසේ වුවත් චිත්‍රපටයේ පසුව හෙළිදරව් වන පරිදි සූසන් හා ඇගේ සොහොයුරාගේ මූලික අරමුණ අතුරුදන් වූ සැමියා ගැන සෙවීමට වඩා, මිනී මස් කන ගෝත්‍රිකයන් වෙසෙන කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ යුරේනියම් නිධි පිළිබඳව සොයා බැලීම යි.

සූසන්, ඇගේ සොහොයුරා, සහ ඇගේ සහායකයනුත් මිනීමස් කන ගෝත්‍රිකයන්ගේ අත්අඩංගුවට පත්වනවා. අවසානයේ සූසන් සමඟ පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකු ගෝත්‍රිකයන්ට බිලිවන අතර මොවුන් විසින් සූසන් හට දේවතාවියකට මෙන් වැඳුම් පිදුම් කරනවා. සූසන් හා ඇයගේ එක් සහායකයෙක් පමණක් අපහසුවෙන් මේ ගෝත්‍රිකයන්ගෙන් ගැලවීමට සමත්වෙනවා.

මේකේ ප්‍රධාන නිළිය Ursula Andress අවස්ථා කිහිපයකදීම උඩුකය නිරුවත්වත් තවත් එකකකදී සම්පූර්ණයෙන්ම නිරුවත්වත් රඟපානවා. එතකොට ලංකාවේ නිලියක් වන අකුෂ්ලා සෙල්ලයියා සම්පූර්ණයෙන්ම පියයුරු නිරාවරණය කරගෙන රඟපානවා. තවත් ලංකාවේ කාන්තාවෝ කිහිප දෙනෙක්ම උඩුකය නිරුවත්වත් තවත් එක ලංකාවේ කාන්තාවක් සම්පූර්ණයෙන්ම නිරුවතිනුත් රඟපානවා.

External Links

Wikipedia – The Mountain of the Cannibal God

IMDB- Slave of the Cannibal God

The Mountain of the Cannibal God චිත්‍රපටයේ නිරුවත් දර්ශණ

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x